බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

 

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න්පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලාසිටිනු ලැබේ.

 

ත්‍රිකුණාමලය සිට මඩකළපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවලවැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථානස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

 

views

773 Views

Comments

arrow-up