ඉන්ධන නැතිව ගේට්ටුකරු අතර මඟ - වෙන්නට ගිය මහා විනාශය රියදුරු වලක්වා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

ඉන්ධන නැතිව ගේට්ටුකරු අතර මඟ - වෙන්නට ගිය මහා විනාශය රියදුරු වලක්වා ගනී

ඉන්ධන නැතිව ගේට්ටුකරු අතර මඟ - වෙන්නට ගිය මහා විනාශය රියදුරු වලක්වා ගනී

මාතර, වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු වසා නොතැබූ අවස්ථාවේදී එම ස්ථානය පසු කිරීමට නියමිතව තිබූ සාගරිකා සීඝ්‍ර ගාමී දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් භාවය නිසා සිදුවන්නට ගිය මහා අනතරු වැලක් වළක්වා ගැනීමට අද(06) අලු‍යම හැකි විය.


දුම්රිය හරස් ගේට්ටුව වසා නොමැති බව දුරතියා අවබෝධ කරගත් දුම්රිය රියැදුරා වහා දුම්රිය නතර කර විපරම් කර ඇත.

 

පසුව සොයා බැලීමේදී දුම්රිය ගේට්ටුකරු නොමැති බව දැන ගැනීමෙන් පසුව දුම්රිය සහායක ගේට්ටුවේ ආරක්ෂාවට දමා මාර්ගය දෙපස වාහන නතර කර දුම්රිය ධාවනයට අවශ්‍ය වටපිටාව සලසා ගෙන ඇත.

 

මේ සම්බන්ධයෙන් සාගරිකා දුම්රියේ රියැදුරු මාතර දුම්රිය ස්ථානය දැනුම්වත් කර ඇති අතර දුම්රිය මිනිත්තු පහක කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබේ. 


මේ අතර දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුකරු මාතර දුම්රිය ස්ථානයට දුරකතන ඇමතුමක් දී යතුරු පැදියේ පෙට්‍රල් අවසන් වු නිසා අතරමඟ නතර වි ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර ඇත.

views

665 Views

Comments

arrow-up