“ආර්ථික ප්‍රතිසංස්කරණ ගොඩක් වේදනාකාරී වේවි” - මුදල් ඇමති

අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී රටටත්, ජනතාවටත් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකර යෑමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ ප්‍රතිසංස්කරණ වේදනාකාරී විය හැකි බැවින් අවදානමට ලක්විය හැකි සහ අවශ්‍යතා සහිත පාර්ශ්වයක් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අවශ්‍ය වන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය අංශයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි ගමන ගැන මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.
මේ තීරණාත්මක අවස්ථාවේ අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට අපොහොසත්වීම නිසා අනාගතයේදී අනිටු ප්‍රතිඵල අත්කර දිය හැකි බව ද එහි සඳහන් වේ.
මේ පසුබිම යටතේ ආසන්න සහ මැදිකාලීන මුල්‍ය කාර්යසාධනය වැඩි දියුණු කිරීම සඳහා ආදායම මත පදනම් වූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලට එළඹීම අත්‍යවශ්‍ය වන බව ද මුදල් අමාත්‍යාංශය කියයි.
මේ තුළ රාජ්‍ය ආදායම පහත වැටීම පිළිබඳව කඩිනමින් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
මේ මස අගදී හෝ ලබන මස මුලදී නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
620 Views
Comments