විනිසුරුවරිය කාණුවට ඇද දමා සැමියාට පහර දුන් ව්‍යාපාරික පවුලට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

විනිසුරුවරිය කාණුවට ඇද දමා සැමියාට පහර දුන් ව්‍යාපාරික පවුලට වැඩ වරදී

විනිසුරුවරිය කාණුවට ඇද දමා සැමියාට පහර දුන් ව්‍යාපාරික පවුලට වැඩ වරදී

අනුරාධපුර මිහිඳුපුර ප‍්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පසුව දිසා විනිසුරුවරියක, බිමට තල්ලූ කර දමා ඇගේ ස්වාමි පුරුෂයාට පහර දුන් එකම පවුලේ පියා, පුතා සහ දියණිය 7 වැනිදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි ව්‍යාපාරික පවුලක සාමාජිකයන් තිදෙනකු බව පොලිසිය පවසයි.

 

විනිසුරුවරිය ගමන් කළ මෝටර් රථය සහ පහරදීමට සම්බන්ධ පිරිස රැුගත් මෝටර් රථය අනුරාධපුර ජයන්ති වටරවුම දෙස සිට ඉසුරුමුණිය දෙසට එකම දිසාවට ගමන් කර ඇති බවත්, එක් මෝටර් රථයක් අනිත් මෝටර් රථය ඉස්සර කිරීමට යෑමේදී වාහන සුළු සීරීමකට ලක්ව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

 

ඉන් අනතුරුව බහින්බස් වීමක් ඇති වී එය දුර දිග ගොස් වන්දනාවේ පැමිණි පිරිස විසින් මෝටර් රථය පදවා ගෙන ගිය විනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට පහරදී ඇත.

 

එම අවස්ථාවේ දී තම සැමියා බේරා ගැනීමට එම ස්ථානයට විනිසුරුවරිය ගොස් තිබේ.

 

එවිට සැකකරුවන් විනිසුරුවරිය අසල තිබූ කාණුවකට තල්ලූ කර දමා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

 

වන්දනාවේ පැමිණි මෝටර් රථයේ එකම පවුලේ මව, පියා, පුතා, සහ දියණිය ගමන් කර ඇත. පහරදීම සම්බන්ධයෙන් පුතා, පියා සහ එම දියණිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

පහරදීමට සම්බන්ධ සැකකරුවන් ගමන් කළ මෝටර් රථයේ තිබී වක් පිහියක්, කැත්තක් සහ යකඩ පොල්ලක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

views

683 Views

Comments

arrow-up