වින්දිතයන් ගැන කියන්න කාදිනල් හිමි බැෂලේ ලඟට යයි

පාස්කු ප‍්‍රහාරයට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුවී නැති බවට පැමිණිලි කිරීම සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ හමුවනු ඇත.
මානව හිමිකම් සමුළුව දිගට ම පැවැත්වෙන නිසා එම හමුවීම මාර්තු 1 සිට 7 අතර සමයේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කළේය.
පාස්කු ප‍්‍රහාරයට අදාළ අවසන් වාර්තාව ප‍්‍රකාශයට පත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය ද රජයෙන් ඉල්ලා ඇත.
එහෙත් ආරක්‍ෂාවට බලපාන සංවේදී තොරතුරු එම වාර්තාවේ අඩංගු වීම නිසා එය ප‍්‍රකාශයට පත්කර නැත.
625 Views
Comments