" සාර්ථක ආර්ථික මාවතකට යන්න නම් ශ්‍රී ලංකාවට දිගු ගමනක් යන්න වෙනවා " - අයි.එම්.එෆ්

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සමථයකට පත්කර ගනිමින් යහපත් ආර්ථික මාවතකට පැමිණීමට නම් ශ්‍රී ලංකාවට දිගු ගමනක් යෑමට සිදුවන බව ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වූ අයි.එක්.එෆ් අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ පසුගියදා බී.බී.සී. පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ණය ලබාදෙන කාල සීමාව පමණක් නොව ඉන් පසුව ද ශ්‍රී ලංකා රජය මූල්‍ය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු තවදුරටත් පවසා සිටියේ.
247 Views
Comments