බිරිඳ හවුල්වී වෙළෙඳසැලක් තුළ තිදරු පියෙකු වන සැමියාව කපාකොටා ඝාතනය කර පුළුස්සලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

බිරිඳ හවුල්වී වෙළෙඳසැලක් තුළ තිදරු පියෙකු වන සැමියාව කපාකොටා ඝාතනය කර පුළුස්සලා

බිරිඳ හවුල්වී වෙළෙඳසැලක් තුළ තිදරු පියෙකු වන සැමියාව කපාකොටා ඝාතනය කර පුළුස්සලා

බිබිල, නාගල මීගහඅරාව හංදිය අසල වෙළෙඳසැලක් තුළදී පෙරේදා(25) සවස තිදරු පියෙකු තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර සිරුරට ගිනිතබා ඇතැයි බිබිල පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ බිබිල, නාගල දික්ගොම්මන පදිංචි විදානපතිනැමතිගේ සිරිපාල(64) නමැති රියැදුරෙකි.

 


මෙම ඝාතනය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය බිබිල මහෙස්ත්‍රාත් මහේශානී අමුණුගම මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු, ඔහුගේ බිරිඳ සහ සහෝදරයෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්වූ අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිබිල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ හිතවතෙකු වේ. 

 

ඝාතනයට ලක්වූ අයගේ ඉඩමක් විශ්‍රාමික යුද හමුදා සෙබළා විසින් මිලදීගෙන එහි කඩකාමර පේළියක් ඉදිකර ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර පසුව ඔහු එම ස්ථානය සමඟි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් සඳහා ලබාදී තිබේ. 

 

ඝාතනයට ලක්වූ අය ඊට විරෝධය පාමින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලොරි රථයක් වෙළෙඳසැල තුළට ධාවනය කර ඊට අලාභහානි සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පෙරේදා උදෑසන ඝාතනයට ලක්වූ අය ලොරි රථයකින් පැමිණ විශ්‍රාමික යුද හමුදා සෙබළාට සහ ඔහුගේ බිරිඳට මරණීය තර්ජනයකොට සවස ආපසු පැමිණ දෙදෙනාම මරාදමන බව පවසා ඇත. 

 

සවස 4 ට පමණ ඝාතනයට ලක්වූ අය පැමිණ වෙළෙඳසැල තුළට ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී විශ්‍රාමික යුද හමුදා සෙබළාගේ බිරිඳ ඔහුට තියුණු ආයුධවලින් පහරදී ඇති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

 

සැකකරුවන් බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. 

views

318 Views

Comments

arrow-up