සංචරණ සීමා නොතකා අනුරාධපුර සිට කොළඹ ආ බසයක් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

සංචරණ සීමා නොතකා අනුරාධපුර සිට කොළඹ ආ බසයක් අල්ලයි

සංචරණ සීමා නොතකා අනුරාධපුර සිට කොළඹ ආ බසයක් අල්ලයි

පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කැකිරාව, මඩාටුගම යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයෙදී  අද(01) අලු‍යම අත්අඩංගුවට ගෙන ඇත.

 

උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට ලද තොරතුරක් මත කැකිරාව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම බස් රථය නවතා තිබේ.

 

 මෙම බස් රථය පළාත් අතර සංචරණ සීමා පනවා ඇති මොහොතක ගමන් කිරීමට බලපත්‍රයක්  නොමැති බව හඳුනාගැනීමෙන් පසුව මගින් එම ස්ථානයේම බස්සවා බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන කැකිරාව පොලීසිය වෙත රැගෙන යෑමට පියවර ගත් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

 

 බස් රථයෙන් බැසගත් මගීන් පැවසුවේ කුමන හේතුවක් නිසා බස් රථය නැවැත්වූයේද යන්න නොදන්නා බවයි. 

 

රාජකාරි කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී අතරමඟ බස් රථය නවතා මගින් අපහසුතාවයට පත්වූ බවත් තමන්ගේ රාජකාරි කටයුතුවලට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඔවුහු චෝදනා කලහ.

 


එමෙන්ම අද(01)  දඹුල්ල නගරයේදී උදෑසන සිටම පෞද්ගලික හා ලංගම බස්රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබුණු අතර බස් රථ රැසක් තිබුණද මගින්ගේ විශාල අඩුවක් දක්නට ලැබිණි.

views

762 Views

Comments

arrow-up