“මහා පරාක්‍රමබාහුට පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි” - එස්.බී දිසානායක

මේ රටේ ඕනෑම අමාත්‍යංශයක් දැරීම සඳහා තමා සුදුසුකම් ඇති පුද්ගලයෙකු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
අමාත්‍යයවරයා පෙන්වා දෙන්නේ, මේ රටේ සමෘද්ධි අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ දෙකක් තමා නිර්මාණය කළ බවයි.
කෘෂිකර්ම ඇමති ලෙස මහා පරාක්‍රමබාහු රජතුමාට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූයේ තමා බවද හෙතෙම පෙන්වා දෙයි.
තමා ආණ්ඩුවට සම්බන්ධ වූයේ පසු වී බැවින් අමාත්‍යය ධූරයක් ලැබීමට වසර දෙකක් පමණ බලා සිටීමට සිදු වූ බව එස්. බී. දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
662 Views
Comments