පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නෑ -ඇමති විමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නෑ -ඇමති විමල්

පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නෑ -ඇමති විමල්

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නෙ රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බවයි.

 

 

කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ ඊයේ (11) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 


"පොදු ජනයාගේ එම අපේක්ෂාවන් සමග සෙල්ලම් කරන්න අපට අයිතියක් නෑ. ඒ විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නෑ. වසංගතයක් එක්ක ජීවත්වෙන්න වුණ නිසා කළ යුතුව තිබුණ සමහර දේවල් අපෙන් මඟ හැරිලා තියෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමු කරලා කළ යුතුව තිබුණ දේවල් නොවී තිබෙනවා. මේවා වෙනස් කර ගන්න අපට තවමත් කල්  තියෙනවා. "
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා.

views

686 Views

Comments

arrow-up