කපුවාගේ රන් මාලය කොල්ලකෑ සෙබළාගේ කල්ලියේ දෙදෙනෙක් කොටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

කපුවාගේ රන් මාලය කොල්ලකෑ සෙබළාගේ කල්ලියේ දෙදෙනෙක් කොටු

කපුවාගේ රන් මාලය කොල්ලකෑ සෙබළාගේ කල්ලියේ දෙදෙනෙක් කොටු

මත් ලෝලියෙකු වූ යුද හමුදාවෙන් පළා ආ සෙබළෙකු සහ ඔහුගේ මත්ලෝලී සහායක සිවුදෙනෙකු එක්ව කැලණි රජමහා විහාරයේ දේවාලයක සේවයේ කරන කපු මහතෙකුගේ හිසට පොල්ලකින් පහරදී ඔහු පැළඳ සිටි වටිනා රන්මාලය කොල්ල කා පළාගොස් සැඟව සිටියදී යුද හමුදා සෙබළා සහ එක් සැකකරුවෙකු කැලණිය පොලිස් නිළධාරීන් විසින් පසුගිය 02 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැලණිය නාගහමුල පිහිටි කපු මහතාගේ නිවසට පසුගිය 24 වනදා උදෑසන 7.00ට පමණ ත්‍රීරෝද රියකින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිවසේ ඉදිරිපස දොරටුවට තට්ටු කර දොර ඇරීමෙන් පසු ඔහුගේ හිසට පොලූ‍වලින් පහරදී කර පැළඳ සිටි වටිනා රන් දම්වැල කඩාගෙන පළා ගොස් තිබේ. 

 

ප්‍රධාන සැකකරු 2019 වසරේ සිට යුද හමුදා සේවයට වාර්තා නොකර සැඟව සිටි අයෙකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

පොලිසිය විසින් සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය පිලිබඳව පරීක්ෂණ පවත්වා ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් සැකකරුවන් දෙදෙනා කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මත්ලෝලීන් වන සැකකරුවන් පස්දෙනා රාගම ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට රන්මාලය උකස් කර රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙන ඒ මුදලින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කර බවට අනාවරණය වී තිබේ.

 

තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර මෙම පහර දීමෙන් තුවාල ලැබූ කපු මහතා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

views

879 Views

Comments

arrow-up