සිමෙන්ති සඟවාගෙන සිටි කඩ 10කට වැඩ වරදී

වැඩි මිළට අළෙවි කිරීමේ අරමුණින් සිමෙන්ති සඟවා තබා ගෙන සිටි බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අනුරාධපුරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහල් 10කට එකී චෝදනාවට වරදකරු වීමෙන් පසු මුදලින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ කැකිරාව මහේස්ත‍්‍රාත් සමන් වැරනියගොඩ යන මහත්වරුන් නියම කළේය.
එක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලකට මුදලින් රුපියල් දස දහස බැගින් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක දඩ මුදල නියම කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් සිමෙන්ති මිටි 500 රාජ සන්තක කිරීමටද මහේස්ත‍්‍රාත්වරු තවදුරටත් නියෝග කළහ.
678 Views
Comments