කොල්ලකරුවන් බුද්ධි අංශ නිලධාරියෙකුගේ සල්ලි උස්සලා - නිලධාරියා රෝහලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

කොල්ලකරුවන් බුද්ධි අංශ නිලධාරියෙකුගේ සල්ලි උස්සලා - නිලධාරියා රෝහලේ

කොල්ලකරුවන් බුද්ධි අංශ නිලධාරියෙකුගේ සල්ලි උස්සලා - නිලධාරියා රෝහලේ

නවගමුව පොලිසියට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ නිලධාරියකු පැහැරගෙන ගොස් ඔහුගේ බැංකු කාඩ්පතින් රු. 50,000ක මුදලක් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම නිලධාරියා මුදල් ගණුදෙනුවක් සඳහා යතුරුපැදියෙන් කඩුවෙල දෙසට ගමන් කරමින් සිටියදී  සැකකරුවන්ගේ මෝටර් රථයේ ගැටි ඇති අතර එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පහර දීමක්ද සිදු වී තිබෙනවා.

 

පසුව ඔවුන් මෝටර් රථයට සිදු වූ අලාභය යැයි පවසමින් රු.50,000ක මුදලක් ඔහුගේ බැංකු කාඩ්පතින් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

 

පහරදීමෙන් තුවාල ලද බුද්ධි අංශ නිලධාරියා අතුරුගිරිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

views

771 Views

Comments

arrow-up