රටම කම්පනය කරමින් අද වාර්තා වූ කොරෝනා මරණ

කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 31 දෙනෙකුගේ මරණ අද (10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එම මරණ 31 අතර වයස අවුරුදු 30ත් 59 අතර පිරිමි මරණ 02ක් සහ කාන්තා මරණ 03ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ,වයස අවුරුදු 30ට අඩු කිසිදු මරණයක් වාර්තා නොවන අතර, වයස අවුරුදු 60ට වැඩි පිරිමි මරණ 14ක් සහ කාන්තා මරණ 12ක් අද සිදු වූ කොරෝනා මරණ තුළට ඇතුළත්.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
689 Views
Comments