DEC
14
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සිදුවේ

ප්‍රශ්නගත චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7 ක ගෙවීමක් කිරීමට රජයට සිදුව තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.
මෙම සමාගම විසින් ගෙන්වන ලද පොහොර තුළ අහිතකර බැක්ටීරියා අඩංගු වීම නිසා එම පොහොර මෙරටට ලබා ගැනීම ප්‍රතික්ෂේප කෙරුණා.
කෙසේ නමුත් දීර්ඝ කාලයක් මෙරට මුහුදු සීමාවේ සැරිසරමින් සිටි එම නෞකාව පසුගිය 4 වනදා මෙරට මුහුදු සීමාවේ පිටව ගියේ බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමිනි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අර්බුදයක සිටින පසුබිමක පොහොරද ලබා ගැනීමකින් තොරව එම සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සිදුව තිබෙනවා.
1438 Views
Comments