රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තැබිම අරගලකරුවන්ගේ ගිණුමට දාන්න කරපු වැඩක්?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම පිළිබඳව විවිධ අදහස් පල වී තිබේ.
ඊයේ දිනයේ දහස් ගණනක් පිරිස කොළඹට පැමිණි අතර ඒ සියල්ලන්ගේම ප්‍රධාන ඉල්ලීම වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉවත්වී ගෙදර යන ලෙසට බල කිරීමයි.
ඒ අනුව ඔහුගේ ජනාධිපති කාර්යාලයද අරගලකරුවන් විසින් අත්පත් කරගත් අතර එහිදී කිසිදු පොදු දේපළකට ගිනි තැබීමක් හෝ හානි කිරීමක් සිදුනොකල අතර ආරක්ෂක අංශ පවා නොසිටි එම භූමියේදී එලෙස වගකීමෙන් කටයුතු කල අරගලකරුවන් විසින් එදිනම සවස අගමැතිවරයාගේ පුද්ගලික නිවසට ගිනි තබයිද යන්න බරපතල සැකයක් මතු කරන කරුණක්වේ.
එමෙන්ම එම ගිනි තැබීමට පෙර සිරස මාධ්‍යය ආයතනයේ මාධ්‍යවේදීන්ට ඉතා නින්දිත ලෙස පොලිසිය විසින් ප්‍රහාර එල්ල කල අතර ඔවුන්ව රෝහල් ගත කිරීම සඳහා පැමිණි සෙසු මාධ්‍යවේදීන්ටද පහර දෙනු ලැබිණි.
පොලිසියට සැබවින් අවශ්‍යවී තිබුනේ එම ස්ථානයෙන් මාධ්‍යවේදීන් ඉවත් කරවා ගැනීනටද යන්න ඒත් සමඟම සැකයක් මතුවන අතර කිසිදු වරදක් නොකල මාධ්‍යවේදීන්ට පහර දුන් පොලිසිය අගමැතිවරයාගේ නිවස ගින් තැබීමට ඊට ඇතුල්වූ අයට පහර නොදුන්නේ හෝ ඔවුන්ව වළක්වා නොවූයේ මන්ද යන්න සැබවින්ම විමසිය යුතු කරුණක්වේ.
ඊයේ(09) උදෑසන දුම්රියන් පවා ක්‍රියාත්මක නොවූ අවස්ථාවක සාකච්ඡා මාර්ගයෙන් පොදු ප්‍රවාහනයන්හි සේවය ලබා ගැනීමට අරගලකල තරුණ පිරිස කටයුතු කල අතර එහිදී කිසිදු පොදු ස්ථානයක වීදුරුවකට හෝ හානියක් වූ බවක් වාර්තා නොවීය.
එවන් තත්වයක් තුළ සිදුවූ මෙම සිදුවීම අරගලකරුවන් ගේ ගිණුමට බැර කිරීමට යම් පාර්ශවයක් සිදුකල කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න සොයා බැලිය යුතු කරුණක්වේ.
කෙසේ වුවත් අගමැතිවරයාගේ පුද්ගලික නිවසට හානි සිදුකිරීම අනුමත කළ නොහැක්කක් වනුයේ ඔහුගෙන් පසු එම දේපළ රාජකීය විද්‍යාලයේ නමට ඔහු විසින්ම ලියා ඇති බැවින් මෙලෙස හානිවූයේ එවන් වටිනා දේපළක් වන බැවිනි.
218 Views
Comments