පාර්ලිමේන්තු මන්ත්‍රීලා රැසක් රටින් පනින්න ලෑස්ති වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට තම රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ රටේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයත් සමඟ මෙම උනන්දුව හටගෙන ඇති බවයි.
මෙතෙක් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගෙන නොතිබූ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා අලුතින් ඉල්ලුම්පත් යොමු කරමින් සිටින අතර ගුවන් ගමන් බලපත් කල් ඉකුත් වී තිබූ පිරිස්ද ඒවා යළි අලුත් කර ගනිමින් සිටී.
රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාදයක් වන අතර ඒවා සකස් කිරීම පාර්ලිමේන්තුව මගින් පහසුවෙන් සිදු කරගත හැකිය.
306 Views
Comments