නානුඔය-කොළඹ දුම්රිය 2ක් නැවතේ

නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එම දුම්රිය දෙක වෙනුවට එම වෙලාවටම මැදිරි දෙකක් සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් දෙකක් යෙදවීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.
මේ අනුව ජූලි පළවෙනිදා සිට මෙම නව දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.
1023 දුම්රිය මීට පෙර නානුඔය දුම්රිය ස්ථානයෙන් දිනපතා උදෑසන 6:00 ට ගමන් ආරම්භ කර පස්වරු 1.30ට කොළඹ කොටුවට ලඟා වු අතර එදිනම 1024 දුම්රිය කොළඹ කොටුවෙන් 12.40ට ගමන් ආරම්භ කර 9.20ට නානුඔයට ලඟා වුණා.
එම දුම්රියන් මගින් නුවරඑළිය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි අතර සංචාරකයන්ට අමතරව පාසැල් ළමුන්, රාජ්‍ය සේවකයන් ද ගමන් කිරීමට පුරුදුව සිටිය බවයි නිලධාරියෙකු සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් නානුඔයට දුම්රියෙන් ගමන් කරන මගීන් කියා සිටින්නේ මෙම දුම්රියන් ධාවනයෙන් ඉවත් නොකරන ලෙසයි.
245 Views
Comments