වැලි ට්‍රැක්ටරයේ ගිය 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා - වනජීවි නිලධාරියෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

වැලි ට්‍රැක්ටරයේ ගිය 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා - වනජීවි නිලධාරියෙකු අත්අඩංගුවට

වැලි ට්‍රැක්ටරයේ ගිය 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා - වනජීවි නිලධාරියෙකු අත්අඩංගුවට

වැලි පටවාගත් ට්‍රැක්ටරයක තම පියා සමඟ යමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙකුට රබර් උණ්ඩ යොදා වෙඩි තබා තුවාල සිදුකළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් වනජීවි නිලධාරියෙකු  සැකපිට අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ කටුකැලියාව කලාපයට අනුයුක්තව සේවය කරන වනජීවි නිලධාරියෙකි.

 

විල්පත්තුව රක්ෂිතයේ සිට අනවසරයෙන් වැලි ගොඩදමා නොච්චියාගමට වැලි පටවා ගෙන යමින් සිටි ට්‍රැක්ටරයක් වනජීවි නිලධාරින්ගේ උපදෙස් නොතකා පලායමින් සිටියදි එය නැවත්විමට එහි සිටි වනජිවි නිලධාරියෙකු විසින් රබර් උණ්ඩ යොදා රියදුරාට වෙඩි තබා ඇතැයිද එය වැරදිමකින් එම ට්‍රැක්ටරයේ ගමන් ගනිමින් සිටි මෙම දරුවාට වැදි ඇතැයිද පොලිසිය පවසයි.

 

එම සිද්ධියෙන් තුවාල ලැබු 13 හැවිරිදි දරැවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

views

282 Views

Comments

arrow-up