මත්තල ගුවන්තොටේ මාසික පාඩුව රුපියල් කෝටියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
12

මත්තල ගුවන්තොටේ මාසික පාඩුව රුපියල් කෝටියයි

මත්තල ගුවන්තොටේ මාසික පාඩුව රුපියල් කෝටියයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

 

මත්තල ගුවන් තොටුපොළ කිසිවිටෙක නොවිකුණන බව  පැවසූ අමාත්‍යවරයා ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යූහගත කර හොඳ ආයෝජකයකු සමග සාමූහික ගිවිසුමකට පැමිණ රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.



අමාත්‍යවරයා මේ බව පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා(11) සහභාගී වෙමිනි.



අද වනවිට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන් තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනෙකු (545)අනියුක්ත කර සිටින  බවත්  සමහර සේවකයන් කොළඹ සිට මත්තලට බස් රථයකින් දිනපතා  ප්‍රවාහනය කෙරෙන බවත් මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.



මත්තල ගුවන්තොටුපොළ අද   නඩත්තු කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ  උපයන මුදලින් බව  පැවසූ අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපොළ ඉදි කිරීමට  චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 21 ක ණය   මුදලේ වාරික ගෙවීමට  ඇති බවද ප්‍රකාශ කළේය.
 


කොපමණ පාඩු ලැබුවත් මත්තල ගුවන් තොටුපොළ පවත්වාගෙන යා යුතු බවද හෙතෙම සඳහන් කළේය.

views

705 Views

Comments

arrow-up