සාදයට මත්කුඩු රැගෙන යමින් සිටි තිදෙනාට වැඩවරදී

බෙන්තර සංචාරක පුරවරයේ වෙරළ සාදයකදී අලෙවි කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී ජීප් රථයකින් රැගෙන යමින් තිබූ කුෂ්, කොකේන් සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වන පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකු හා පෞද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයක විධායක නිලධාරීන් දෙදෙනක් බව පොලීසිය පවසයි.
කොළඹ සිට සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ නිරතව සිටි නිලධාරියාට එහි රියැදුරුගේ හැසිරීම පිළිබඳ සැක සිතී නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු හැද සිටි කලිසම් සාක්කුවේ සඟවා තිබූ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60 හමු වූ බව පැවසේ.
පසුව ජීප් රථයේ සිටි අනෙක් පුද්ගලයාද පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60, කුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 900, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 650 තිබී හමු වූ බව පැවසෙයි.
ඒ අනුව සැකකරුවන් තිදෙනා සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.
752 Views
Comments