දේශබන්දුට අදුකොල බදු වූ අජිත්ව දකුණට මාරු කළ හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

දේශබන්දුට අදුකොල බදු වූ අජිත්ව දකුණට මාරු කළ හැටි

දේශබන්දුට අදුකොල බදු වූ අජිත්ව දකුණට මාරු කළ හැටි

ඉහළින් ආ නියෝගයක් මත කොළඹින් දකුණට මාරු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනිද්දා (31) දින දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

 

මෙම ස්ථාන මාරුව ඔහුට ලබා දී ඇත්තේ පොලිස්පතිවරයාගේ වුවමනාවකට නොවන බවත් එය ලබා දී ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උවමනාවකට බවත් තොරතුරු ලැබෙමින් පවති.

 

දේශබන්දු තෙන්නකෝන්ගේ හිතවතා වන ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීමත් සමඟ මෙම ස්ථාන මාරුව සිදු විය අජිත් රෝහණ හා දේශබන්දු තෙන්නකෝන් අතර දැඩි විරසකයක් පවතින අතර ඊට හේතුව ලෙස සැලකෙන්නේ පොලිස්පති සිහිනයයි.

 

මැයි 09 ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ව බස්නාහිරින් ඉවත් කරන ලෙස නීතිපතිවරයා දැනුවත් ටිරන් අමාත්‍යවරයාගේ රැකවල් මැද දේශබන්දු තවමත් එහි රැදි සිටි මේ අතර පොලිස්පතිවරයාටද ආණ්ඩුවේ ප්‍රබලයින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති අතර මේ තත්ත්වයන් නිසා පොලිසිය තුළ දැඩි අස්ථාවර බාවයක් හර ගෙන ඇතැයි වාර්තා වේ.

views

1562 Views

Comments

arrow-up