අපිට දැන් තෙල් ඕනවටත් වැඩිය තියනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

අපිට දැන් තෙල් ඕනවටත් වැඩිය තියනවා

අපිට දැන් තෙල් ඕනවටත් වැඩිය තියනවා

අද වන විට රට තුළ උවමනා තරම් පෙට‍්‍රල් සහ ඩීසල් තොග ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.


මේ මොහොත වන විටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩබාමින් ඇති බවත් තවත් මුදල් ගෙවන ලද නැවක් මුහුදේ නවතා ඇති බවත් ඒ ගොඩබාන ඉඩක් නැති නිසා බවත් හෙතෙම පැවසීය.


එනිසා ජනතාව පෙට්රල් හෝ ඩීසල් පිළිබඳව කිසිදු බියක් තබාගත යුතු නැතැයිද හෙතෙම කියා සිටියේය.

 

ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.

 

බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

views

650 Views

Comments

arrow-up