කාල්ටන් වත්තෙන් බලු පැටවෙකු සොරකම් කළ එ.ජා.ප මන්ත්‍රීගේ දියණිය අත්අඩංගුවට ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

කාල්ටන් වත්තෙන් බලු පැටවෙකු සොරකම් කළ එ.ජා.ප මන්ත්‍රීගේ දියණිය අත්අඩංගුවට ගනී

කාල්ටන් වත්තෙන් බලු පැටවෙකු සොරකම් කළ එ.ජා.ප මන්ත්‍රීගේ දියණිය අත්අඩංගුවට ගනී

වීරකැටිය කාල්ටන් වත්තට පිරිසක් පහර දුන් අවස්ථාවේ සිට අතුරුදහන්ව සිටි බලු පැටවුන් තිදෙනෙකු අතරින් එක් පැටවෙකු වීරකැටිය ප්‍රදේශයේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකුගේ නිවසෙහි සිටියදී වීරකැටිය පොලිසිය විසින් ඊයේ සොයා ගෙන තිබෙනවා.

 

වීරකැටිය - තංගල්ල මාර්ගයේ පිහිටි රාජපක්ෂවරුන්ට අයත් බව කියන කාල්ටන් වත්තෙහි ඇති දැඩි කළ බලු පැටවුන් තුන්දෙනෙකු ඉකුත් 09 වැනිදා සිට අතුරුදහන් වී තිබුණා.

 

කිසියම් පිරිසක් එම වත්තට පැන දේපළවලට පහරදුන් අවස්ථාවේ මෙම බලු පැටවුන් තිදෙනා අතුරුදන්වී තිබෙනවා.

 

කූඩුවක සිටි එම බලු පැටවුන් කිසිවකු කූඩුව විවෘත කරගෙන ගොස් තිබූ අතර මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය විමර්ශන කරමින් සිටිනවා.

 

අතුරුදන් වූ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු පැටවකු හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ මේ වන විට සමගි ජන බලවේගයට සහාය දක්වන අයෙකුට අයත් බව කියන වීරකැටිය බෙලිඅත්ත මාර්ගයේ පිහිටි නිවසක සිටියදී පොලීසිය සොයා ගන්න තිබුණා.

 

හිටපු මන්ත්‍රීවරයාගේ 21 හැවිරිදි දියණිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් 09 වැනිදා ඇය මෙම බලු පැටවා ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.

 

වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතා ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරන අතර අතුරුදහන් වූ අනෙකුත් බලු පැටවුන් සොයා පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

views

547 Views

Comments

arrow-up