හත් දහසකගේ රැකියා අහිමි කල ලංවිම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

හත් දහසකගේ රැකියා අහිමි කල ලංවිම

හත් දහසකගේ රැකියා අහිමි කල ලංවිම

පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පැහැර හැර ඇති බව වාර්තා වී ඇත.

 

 

කුඩා විදුලිබලාගාර , සූර්යතාප (සෝලා) බලාගාර සහ සුළං බලාගාරවලින් ජනනය කර ජාතික විදුලි පද්ධතියට ලබාදෙන විදුලිය වෙනුවෙන් එලෙස ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් පැහැර හැරීම නිසා ඒවා වැසී යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ද දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සේවක එකමුතුව සඳහන් කරයි.

 

 

ලංකා විදුලිබල මණ්ඩලය ණය ගෙවීම පැහැර හැරීම නිසා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරවල සේවක කරන සේවකයන් 7000කගේ පමණ රැකියා අනතුරේ වැටෙමින් තිබෙන බව ද දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සේවක එකමුතුවේ සභාපති රුවන් ප්‍රසංග මහතා පවසයි.

views

604 Views

Comments

arrow-up