රෝහලෙන් කෙලවර වූ ඩීසල් පෝලිමේ ගැටුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

රෝහලෙන් කෙලවර වූ ඩීසල් පෝලිමේ ගැටුම

රෝහලෙන් කෙලවර වූ ඩීසල් පෝලිමේ ගැටුම

කොට්ටාව, අතුරුගිරිය පාරේ ඩීසල් පෝලිමක සිටි පෞද්ගලික බස් රථ සේවකයින් දෙපිරිසක් අතර සිදුවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය කියයි.

 

රෝහල් ගතකළ අයගෙන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

කොට්ටාව බස් නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ කිහිපයක් ඇතුළු බස්රථ පෙළක් කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ අඟහරුවාදා පොල හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ඩීසල් ලබාගැනීමේ අරමුණින් ඊයේ(04) රාත්‍රී සිට පෝලිමේ සිට ඇතැයි පැවසේ. 

 

එම ඩීසල් පෝලිමේ රැඳී සිටි කොට්ටාව බස් නැවතුම්පළේ සේවකයින් දෙපිරිසක් අතර පැරණි කෝන්තරයක් සම්බන්ධව බහින්බස් වීමක් සිදුව  ඇත.

 

එම අවස්ථාවේදී තවත් පිරිසක් ඊට සම්බන්ධ වී ආරවුල සමථයකට පත්කොට ඇති අතර එහි සිටි කිහිපදෙනෙකු පසුව එම ස්ථානයෙන් පිටව ගොස් යළි පැයකටපසුව තිස් දෙනෙකු පමණ ලොරි රථයකින් නැවත එම ස්ථානයට පැමිණ ආරවුල හටගෙන ඇතැයි පැවසේ.

 

එහිදී ගැටුම දුරදිග යනවාත් සමඟ ලොරි රථයෙන් පැමිණි පිරිස කඩු, යකඩ පොලු‍, විකට් කණු, බැට් පිති රැගෙන බස් රථ වලට සහ එහි සේවකයින්ට පහරදී පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

 

පහරකෑමෙන් තිදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ප්‍රහාරයෙන් බස්රථ තුනකට ද හානි සිදුව ඇත.

 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
 

views

647 Views

Comments

arrow-up