එක්දින සේවයේ ඉල්ලුම ඉහළ යාමෙන් පාස්පෝර්ට් සාමාන්‍ය සේවා ප්‍රමාද වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

එක්දින සේවයේ ඉල්ලුම ඉහළ යාමෙන් පාස්පෝර්ට් සාමාන්‍ය සේවා ප්‍රමාද වෙයි

එක්දින සේවයේ ඉල්ලුම ඉහළ යාමෙන් පාස්පෝර්ට් සාමාන්‍ය සේවා ප්‍රමාද වෙයි

 

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවය සදහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්කළ අයදුම්කරුවන් අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වුණේ. 

 

 

රුපියල් 15,000 ක මුදලක් ගෙවීමෙන් අනතුරුව එක්දින සේවයෙන් එදිනම විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි වනවා. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය හිමිවන්නේ සිය අයදුම්පත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයට භාරදී දින 14 ක් ඇතුළතයි. එම සේවාව යටතේ අයැදුම්කරුගේ නිවසටම තැපැල් මගින් විදේශ ගමන් බලපත්‍රය යොමු කෙරෙනවා.

 

කෙසේවෙතත් එක්දින සේවයට පවතින ඉල්ලුම ඉහළයාම හේතුවෙන් සාමාන්‍ය ක්‍රමයට යොමුවන අයදුම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම දින 45ක් පමණ කාලයක් දක්වා ප්‍රමාද වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

views

656 Views

Comments

arrow-up