දේශබන්දු තෙන්නකෝන් ලොක්කන් පාවා දෙමින් CID ඇතුළේ කී දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

දේශබන්දු තෙන්නකෝන් ලොක්කන් පාවා දෙමින් CID ඇතුළේ කී දේ

දේශබන්දු තෙන්නකෝන් ලොක්කන් පාවා දෙමින් CID ඇතුළේ කී දේ

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් රෑ 8 පමණ වන තෙක් ප්‍රකාශ ලබා දෙන තිබෙනවා.

 

නීතිපතිවරයාගේ උපදෙස් මත එම දෙපාර්තමේන්තුව සිදු කළ කැදවීමකට අනුවයි ඔහු මේ සදහා අද පැමිණියේ

 

ඒ අනුව පස්වරු 4ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ දේශබන්දු තෙන්නකෝන්ගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රකාශක සටහන් කර ගෙන තිබෙනවා.

 

එහිදී ඔහු පවසා ඇත්තේ පොහොට්ටු ආධාරකරුවන් හට ගාලුමුවදොර යාමට බාධාවක් නොකරන ලෙස තමාට ඉහළින් නියෝග ආ බවයි එහිදී ඔහු ඉහළ නිළධාරීන්ගේ නම් පවසමින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් දී තිබෙනවා අද දින අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමඟ ඔවුන්ගේ ආධාරකරුවන් එක්ක දේශබන්දු පාගමනින් යන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය වල පල වන අතර ඔහු විසින් මෙම ප්‍රහාරය වැලැක්වීමට කිසිදු වැයමක් නොගත් බවටයි අරගලකරුවන් චෝදනා නගන්නේ

views

624 Views

Comments

arrow-up