ගවයින් 600ක් අධිකරණය භාරයට - 5ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

ගවයින් 600ක් අධිකරණය භාරයට - 5ක් අත්අඩංගුවට

ගවයින් 600ක් අධිකරණය භාරයට - 5ක් අත්අඩංගුවට

රක්ෂිත භූමියක තණකොළ කෑමේ වරදට  කිරි ගවයන් 600 දෙනෙකු අධිකරණය භාරයට ගෙන තිබෙනවා.

 

ඔවුන්ගේ හිමිකරුවන් පස්දෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

ගවයින් මෙලෙස තණකොළ ආහාරයට ගෙන ඇත්තේ ඉපලෝගම රක්ෂිතයේදීය. එහිදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් ගවයන් සහ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

 

අධිකරණය භාරයට ගැනුනු ගවයින් 600 දෙනාගෙන් 20 දෙනෙකු අත්අඩංගුවේ සිටියදී ම මියගොස් ඇති බවට හිමිකරුවන් චෝදනා කරනවා.

views

499 Views

Comments

arrow-up