SEP
28
හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරත් මත සිදුකල විමර්ශනයකින් පසු මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රැම් 280 තිබී ඇත.
සැකකාරිය 32 හැවරිදි වියේ පසුවන අතර මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
ඇය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කිරීමට නියමිතය.
780 Views
Comments