චීනයේ ස්ථාවරය කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

චීනයේ ස්ථාවරය කියයි

චීනයේ ස්ථාවරය කියයි

 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

 

 

ශ්‍රී ලංකාව, වත්මන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සහ ණය බර අඩු කර ගැනීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයේදී චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සුදානම් බව ෂාඕ ලිජියෑන් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.

views

216 Views

Comments

arrow-up