තම පියාගේ දානමය පිංකමට වෙන් කර තිබූ මුදල් කොවිඩ් නිසා අසරණවූ පුද්ගලයන්ට බෙදා දෙයි

කන්තලේ පදිංචිව සිටි තම ආදරණීය පියාණන්ගේ දානමය පිංකම වෙනුවෙන් වෙන් කොට තිබූ රුපියල් ලක්ෂයක මුදලක් කොවිඩ් නිසා අසරණ වූ පුද්ගලයින්ගේ බඩගින්න නිවා දැමීම සඳහා පරිත්‍යාග කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් පානදුරෙන් වාර්තා වේ.
නමින් ඔහු තරංග අමරසූරියයි වන අතර ගොවිතැනින් දිවිගෙවූ අමරසූරිය මහතා මීට වසර දහ අටකට පෙර කොළඹ නගරයේ රැකියාවකට පැමිණ තිබේ. නමුත් ඔහු ගොවිතැන් අතහැර නොමැති අතර මසකට කිහිපවතාවක්ම පානදුර නගරයේ සිට ගොවිතැන් කටයුතු සඳහා කන්තලේ ප්‍රදේශයට ගොස් ගොවිතැන් කටයුතුවල නිරතව තිබේ.
ඔහුගේ පියා වන අමරසූරිය මහතා මීට වසරකට පෙර මියගොස් ඇති අතර ඔහු වෙනුවෙන් අවුරුද්දේ දානමය පිංකම සිදු කිරීම සඳහා කන්තලේ ප්‍රදේශයට යාමට තරංග මහතාට අවස්ථාව නොලැබුනේ සංචරණ නීතිරීති සීමා පැනවීම නිසාවෙනි.
පසුව ඔහු තම සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයක පමණ පුද්ගලික මුදල් යොදවමින් තම පවුලේ සාමාජික සාමාජිකාවන්ද සම්බන්ධ කර ගනිමින් ඒවා පානදුර ප්‍රදේශයේ කොවිඩ් නිසා අසරණ වූ පුද්ගලයන්ගේ නිවසටම ගොස් බෙදා දීමට පියවර ගත්තේය.
663 Views
Comments