ලක්ෂ 300ක් වටිනා ගජමුතු සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

රුපියල් ලක්ෂ 300කට අධික වටිනාකමකින් යුතු ගජමුතු තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් තිස්සමහාරාම, තිස්ස නගරයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකා වතුකොළකන්ද කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ(14) රාත්‍රියේ තිස්ස නගරයේ, ප්‍රධාන වටරවුම අසලදී වැටලීමක් සිදුකර ගජමුතු සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කතරගම පාර, තිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 හැවිරිදි පුද්ගලයකුවේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාල ජාතික වනජීවි කාර්යාලය වෙත භාර දී ඇත.
740 Views
Comments