2015 - 2019 කාලය තුල යන්ත්‍රෝපකරණ ආනයනයට බිලියන 1196.8

2015 - 2019 කාලය තුල ශ්‍රී ලංකාවට යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට වැය වූ මුදල රුපියල් බිලියන 1196.8 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවා තවද දේශීය වශයෙන් මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කලේ යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා විශාල මුදලක් වැයවීම මඟින් පෙනි යන්නේ දේශීය වශයෙන් මෙම කර්මාන්තය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
591 Views
Comments