ඉන්දීය ධීවරයන්ගෙන් උතුරු මුහුද බේරා දෙන්නැයි යාපනයේ උද්ඝෝෂණ

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුද ආක්‍රමණය කිරීම වැඩි වීමත් සමඟ යාපනයේ එක්සත් ධීවර සමිතිය යාපනයේ ගුරුනගර් ධීවර වරාය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ආරම්භකොට තිබේ.
යාපනයේ සියලූ ධීවරයින් ධීවර බෝට්ටු ධීවර වරාය ඉදිරිපිට ගාල්කොට මුහුදු යෑමෙන් වැළකී කළු කොඩි ඔසවා තිබුණි.
ඉන්දීය ධීවරයින් උතුරේ ධීවරයින්ට අයත් මුහුදු සම්පත බලහත්කාරයෙන් කොල්ලකනු ලැබූවත් රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් තමන්ට කිසිදු සහනයක් නොලැබෙන බව ප්‍රකාශ කළ යාපනයේ ධීවරයයෝ මෑතකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවක් පැවැත්වූවද ඉන් ඵලක් නොවූ බව කියා සිටියෝය.
මෙම ධීවර විරෝධතාව ධීවරයින් කාණ්ඩවලට බෙදී අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණයකොට තිබේ.
738 Views
Comments