මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ජැකලින් පොලිසිය මග හරී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ජැකලින් පොලිසිය මග හරී

මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ජැකලින් පොලිසිය මග හරී

නවදිල්ලි අධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී තිබෙන ශ‍්‍රී ලංකා සම්භවයක් සහිත 36 හැවිරිදි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩස් වෙත ඊට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා නවදිල්ලි පොලිසියට පැමිණෙන මෙන් දිල්ලි අධිකරණය විසින් නිකුත් කර ඇති නොතිසි මේ වන විට ඇය හතරවන වතාවටත් මගහැර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

 

පසුගිය සැප්තැම්බර් 25, ඔක්තොබර් 15, 16 සහ 19 යන දිනවල නවදිල්ලි පොලිසියට පැමිණෙන ලෙස ඇයට නොතිසි නිකුත්කර තිබේ. 

 

මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ ඇති සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ වන බොලිවුඩ් නිළි ලීනා පෝල් සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් ඇයට මෙලෙස මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී තිබේ. 

 

ඒ අනුව ඉන්දීය මූල්‍ය විමර්ශන ඒකකය විසින් ඇගෙන් අගෝස්තු මස 30 වැනිදා ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.

views

728 Views

Comments

arrow-up