දෙවියන් සහ මුරකරු වාඩිකරවා කෝවිලේ පිංකැටය සුද්ද කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

දෙවියන් සහ මුරකරු වාඩිකරවා කෝවිලේ පිංකැටය සුද්ද කරයි

දෙවියන් සහ මුරකරු වාඩිකරවා කෝවිලේ පිංකැටය සුද්ද කරයි

යාපනය, සුලිපුරම් පරලෙයිහි මුරුගන් කෝවිලේ පිං කැටය කඩා රුපියල් ලක්ෂ ගණනක මුදලක් සොරාගෙන ඇත.

 

යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසියට කෝවිලේ භාරකාර පූජකයා පැමිණිලි කර තිබෙන්නේ පිංකැටය යකඩ කපන හා උණුකරණ යන්ත‍‍්‍ර යොදා ගෙන විවෘතකර එහි වූ මුදල් රැගෙන ගොස් ඇති බවයි. 

 

දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම සොරකම සඳහා පුද්ගලයින් හය දෙනෙකු පැමිණ ඇති බවත් කලූ රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන සිටි ඔවුන් රාත‍‍්‍රියේ කෝවිලෙහි මුරට සිටි මුරකරුට පහරදී ඔහුව බිම වාඩි කරවා පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවත් හෙළි වී ඇත. 

 

යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

716 Views

Comments

arrow-up