පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම පිළිබඳව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දන්වයි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 1 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනුනු අවස්ථාවේදීය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයාගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් ගැනීමට නියමිත බවත් ඉන් පසුව පරීක්ෂණ කටයුතු ඉදිරියට සිදුවන බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
871 Views
Comments