විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් මානව හිමිකම් කොමිසමෙන් නඩු

ශ්‍රී ලාංකිකයන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් පැමිණිල්ලකින් තොරව ජනතාව වෙනුවෙන් මැදිහත් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සුදානමින් සිටින බව වාර්තා වනවා.
එම කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ විදුලිබල අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන පරිදි ජනවාරි මස විදුලි ගාස්තුව නැවත ඉහළ දැමුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටියදී තව තවත් පිඩාවට පත් කිරීමට කිසිඳු පාර්ශවයකට හිමිකමක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
205 Views
Comments