DEC
16
නාථ දේවාලයට නව බස්නායක නිලමේවරයෙක්

දළදා මාලිගාවේ නාථ දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස සරත් බණ්ඩාරනායක පත්ව තිබේ.
ඒ අද (16) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති නව බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්ද 16ක් හිමිකර ගනිමිනි.
එම ඡන්ද විමසීමේ දී හිටපු බස්නායක නිලමේ හෂීල ගයාන් බණ්ඩාර හීන්කෙන්දට ලැබුණේ ඡන්ද 11කි.
ඒ අනුව වසර 05ක කාලයක් සඳහා නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස සරත් බණ්ඩාරනායක පත්විය.
209 Views
Comments