සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය මස 19 වනදා නවගමුව දැඩිගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට උත්සහ කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් සමඟ කඩු 02ක්, මන්නා පිහි 04ක්, මෙරට නිෂ්පාදිත අත් බෝම්බ 02ක් සහ අපරාධ සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙන විදේශ ගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකුගේ ගෝලයන් බවට තොරතුරු හෙළිවී තිබේ.

 

අත්අඩංගුවට ගත් පිරිස හෙට (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

253 Views

Comments

arrow-up