පළාත් අතර මස් ප්‍රවාහනයට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

පළාත් අතර මස් ප්‍රවාහනයට අවසර

පළාත් අතර මස් ප්‍රවාහනයට අවසර

උතුරු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළිත් අනුමැතිය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

 

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයෑම හේතු කොටගෙන සියලුම ප්‍රදේශ අතර මස් ප්‍රවාහනය පසුගිය දින තහනම් කර තිබුණි.

 

එම තහනම ඉවත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ පසුගිය දිනවල උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියගියේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මිස වසංගත රෝගයකින් නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවයි.

 

views

226 Views

Comments

arrow-up