වවාගෙන ගංජා ගැසූ සුද්දා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

වවාගෙන ගංජා ගැසූ සුද්දා අත්අඩංගුවට

වවාගෙන ගංජා ගැසූ සුද්දා අත්අඩංගුවට

හික්කඩුව නානායක්කාර මාවතේ කුලි නිවසක පදිංචිව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු ගංජා පැළ 07ක් හා ගංජා ග්‍රෑම් 1075ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.

 

 අත්අඩංගුවටපත් 43 හැවිරිදිවියේ පසුවන මෙම විදේශිකයා ගෙවත්තේ බඳුන්වල ගංජා වගාකොට තිබූ බවද පොලිසිය පවසයි.

 

මෙම පුද්ගලයා පානය කිරීම සඳහා ගංජා වගාකොට ඇති බවට පොලිසිය සැක පළකරයි. 

 

පොලිසියට ලැබුණු තොරතුරක් මත විදේශිකයා පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙලෙස ගංජා පැළ වගා කොට තිබී හමුවී ඇත. 

 

මෙම පුද්ගලයා මෙරට රැඳීසිටීම සදහා වීසා ලබාගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

 

 හික්කඩුව පොලිස් ස්ථානාධිපති කේ. පී. ටී. ඩබ්ලිව්. පල්ලියගුරු මහතාගේ උපදෙස් නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

762 Views

Comments

arrow-up