කෑගල්ලේ ආසාදිතයින්ට අධික උණක් - පැණිය ගැනීමට පොර කෑ අය ගැනත් සැකයක්

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හමුවෙන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් වාර්තා නොවුණු පරිදි අධික උණ තත්ත්වයක් පවතින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
සෞඛ්‍ය අංශය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් නිර්මාණය වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට කෑගල්ල ආසාදිතයින්ගේ වෛර සාම්පල යොමු කළ යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.
පසුගිය දිනවල දී නිරෝධායන නීති කඩකරමින් ධම්මික වෙදමහතාගේ දේශීය පැණිය ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් අතරින් මෙම වෛරස් ඒ ව්‍යාප්ත වූයේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දෙනවා.
1421 Views
Comments