SEP
30
ගම්පහ නගරය විෂබීජහරණයට

නිරෝධායන ඇඳිරිනීතිය දින 40කට වැඩි කාලයක් පැවතීමෙන් අනතුරුව හෙට(01) දිනයේ සිට රට විවෘත කිරීමට පියවර ගැනීම මත ගම්පහ නගරයේ ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන විෂබීජහරණට කිරීමට ගම්පහ මහ නගරසභාව කටයුතු කළේය.
මහ නගරසභාවේ පුරපති එරංග සේනානායක මහතාගේ සෘජු අධීක්ෂණය මත නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ සෞඛ්‍ය අංශ සේවකයින් විසින් දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම් පොළ, මුල්‍ය ස්ථාන ඇතුලු ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන අද දිනයේදී විෂබීජහරණ කරන ලදී.
788 Views
Comments