සිරකරුවන්ට සතියක නිවාඩුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

සිරකරුවන්ට සතියක නිවාඩුවක්

සිරකරුවන්ට සතියක නිවාඩුවක්

දින කිහිපයක සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැගී සිට උද්ඝෝෂණයේ නිරත වන සිරකරුවන් පිළිබඳව සොයා බැලීම සඳහා  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද සහභාගී විය.

 

 


එහිදී සිරකරුවන් විසින් අමාත්‍යවරයා සමග පවසා සිටියේ අභියාචනා ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව , යහපත් ක්‍රියාවන්ගෙන් යුත් සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීම හා පොදු සමාව දීමේදී සැමටම එකම ක්‍රමවේදයක් ඇති කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවයි.

 

 


එහිදී අලි සබ්රි මහතා පවසා සිටියේ යහපත් කල් ක්‍රියාවෙන් සිරදඬුවම් විඳින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබා දීමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි.

views

739 Views

Comments

arrow-up