කිරිපිටි,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයිද වැඩි වෙයිද? තීන්දුව හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

කිරිපිටි,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයිද වැඩි වෙයිද? තීන්දුව හෙට

කිරිපිටි,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයිද වැඩි වෙයිද? තීන්දුව හෙට

මේ වෙන විට දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති භාණ්ඩ කිහිපයක  මිල සංශෝධනය පිළිබඳව අවසාන තීරණය හෙට පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

 

එම භාණ්ඩ වලට කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සහල් සහ සිමෙන්ති ද ඇතුළත්.

 

මෙම භාන්ඩ වලින් බොහෝමයක මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බව අපේක්ෂා කෙරේ.

 

කිරිපිටි සමාගම් විසින් සිය නිෂ්පාදනවල කිලෝග්‍රෑමයක මිල රු.200කින් ඉහළ දැමීමට පසුගියදා ඉල්ලා තිබුණා.

 

ජීවන වියදම් කමිටුව හෙට පෙරවරු 10ට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිතයි.

views

1074 Views

Comments

arrow-up