අනුරාධපුරයට ඉන්ධන රැගෙන ගිය දුම්රිය මග නවතා කාර්ය මණ්ඩලය ගෙදර ගිහින්

කෙළොන්නාවේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක් රියැදුරු ඇතුළු කාර්ය මණ්ඩලය නොමැතිව මේ වන විටත් මහව දුම්රිය ස්ථානයේ නවතා ඇතැයි වාර්තා වේ.
අංක 497 දරන මෙම දුම්රිය කොළාන්නාවෙන් පෙරවරු 10.00ට පිටත් වූ අතර මහවට ළඟා වීමට නියමිතව තිබුණේ පස්වරු 2.00ටය.
එහෙත් එම වේලාවට දුම්රියට මහව දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නොහැකි වී ඇති අතර එම දුම්රිය භාර ගෙන අනුරාධපුරය දක්වා ගෙන යාමට සූදානමින් සිටි රියැදුරු හා කාර්ය මණ්ඩලය ඉවත්ව ගොස් තිබිණි.
දුම්රිය කොළඹ සිට ගෙන ගිය කාර්ය මණ්ඩලයද ඔවුන්ගේ ගමනාන්තය වූ මහවෙන් රාජකාරිය නිමා කොට ඇති බවත් මේ හේතුවෙන් පස්වරු 2.15 සිට එම දුම්රිය මහව දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් වාර්තා වේ.
අනුරාධපුරයට උග්‍ර ඉන්ධන හිඟයක් පවතිද්දී ඉන්ධන දුම්රිය මෙසේ මග නවතා තිබීම පිළිබඳව අනුරාධපුර ඉන්ධන පිරවුම්හල් හිමියෝ අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට ඇත.
2398 Views
Comments