දැඩි ආරක්ෂාවක් මැද රැගෙන ගිය කන්ටේනර්වල තිබුණේ මොනවාද? - තොරතුරු රැසක් එලියට (PHOTOS)

කොළඹ වරායේ ජේ. සී. ටී පර්යන්තයේ නවතා ඇති කන්ටේනර බහලුමකට දැඩි හමුදා ආරක්ෂාවක් ලබාදී ඇති බව දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පෙලක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සංසරණය විය.
ඊට අදාළ කන්ටේනර් බහලුමේ අංකය ලෙස 0270586 දක්වා තිබුණි.
පසුව සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු ඡායාරූප සහ වීඩියෝ පෙල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සාවද්‍ය තොරතුරු ඇතුලත් බවයි.
ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ එහිදී සිදුවන්නේ විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමක් බවයි.
එය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකෙරෙන කටයුත්තක් බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමන්‍යයෙන් සිදුවන බවත් අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසා තිබේ.
ඒ අනුව අදාළ නිවේදනය මගින් සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සමඟ හුවමාරු වන තොරතුරු සාවද්‍ය තොරතුරු බවට මහජනතාවට දැනුම්දී ඇත.
754 Views
Comments