වසර 8කට පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහළටම යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

වසර 8කට පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහළටම යයි

වසර 8කට පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහළටම යයි

රුසියානු ආක්‍රමණයක් ආරම්භ වනු ඇති බවට බටහිර ඔත්තු සේවා පවසන හෙට දිනය, එක්සත්කමේ දිනය ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ලෝක වෙළදපොළේ බොරතෙල් මිල දැන් ඩොලර් 100 ආසන්නයට පැමිණ තිබෙනවා.

 

ඊයේ දිනයේ තවත් 2.2%කින් තෙල් මිල ඉහළ ගිය අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 96.48ක් ලෙසයි.

 

ඇමරිකානු ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 95.46 දක්වා 2.5%කින් ඉහළ ගියා. ලෝක වෙළදපළේ තෙල් මිල දැන් සලකුණු කරන්නේ 2014 වසරෙන් පසු ඉහළම අගයන්.

 

මෙලෙස ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහල යාම මෙරට ඉන්ධන මිල ඉහල යාම කෙරෙහි ද සෘජුව බලපෑම් එල්ල කරනු ලබනවා.

 

පසුගියදා ලංකා අයි.ඕ.සී සමාගම විසින් ඉන්ධන මිල ඉහල දැමිමක් සිදු කරනු ලැබූ අතර එම මිල වැඩි කිරිමට සාපේක්ෂව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.

 

එහෙත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

 

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කලේ තම සංස්ථාව ඩිසල් ලීටරයකින් රුපියල් 50ක් මේ වන විට අලාභ ලබන බවයි.

 

කෙසේ වෙතත් අදාළ අලාභය පියවා ගැනිම සඳහා ලෝක වෙලෙඳපොලේ බොරතෙල් මිල ඉහල යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරිම සඳහා වන මිල සූත්‍රයක අවශ්‍යතාවද ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවා.

views

1278 Views

Comments

arrow-up